Leafy Vegetable for Home Garden | ගෙවත්තේ පහසුවෙන් වැවිය හැකි කොළ එළවළු | Thenuka's Home Garden 08


නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවළු පළතුරු තම ගෙවත්තේම වගා කර ගන්න පටන් ගන්න මේ තමයි හොඳම කාලයයි. ඉස්සර අපට මේ සඳහා තිබුණ ලොකුම බාධකය වුණේ අපේ එදිනෙදා ජීවිතයේ තිබුණ අවිවේකී බවයි. දැන් නිවසටම වී ගත කරන මේ වකවානුව ගෙවත්තේ ප්‍රයොජනවත් දෙයක් වගා කරන්න යොදවන එක තමයි වඩාත් හොඳ. මොකද ඉදිරි වකවානුව සමස්ථ ලෝකම ආහාර අර්බුධයක් කරා ගෙන යන ලකුණු ටිකෙන් ටික පහල වේගනයි යන්නේ. ඒ නිසා කෙටි කළකින් අස්වනු ගන්න පුළුවන් බෝග වර්ග අපේ අවධානය යොමු කිරීම වැදගත්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිය දියුණු කරන ආහාර වලටත් මුල් තැන දෙන්න වෙනවා. මේ ගැන විමසා බලද්දි කොළ එළවළු වර්ග කියන්නෙත් මේ කාරණ දෙකටම වැදගත් වන හොඳම බෝග කාණ්ඩයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුලින් විමසා බලන්න යන්නේ පහසුවෙන් ඕනෑම ප්‍රදේශයක ගෙවත්තේ වගා කරන්න පුළුවන් කොළ එළවළු වර්ග කිහිපයක් ගැනයි. ඉදිරිපත් කිරීම : සෙනිරු තුල්නිත් සහ තෙනුක දම්සිළු

Post a Comment

0 Comments